01. ප්‍රශ්නය :- උපමාන පාදක විමධ්‍යගත වැඩසටහන යටතේ ගරු මන්ත්‍රීතුමන්ලා සදහා 2010 වර්ෂයට කොපමණ මුදලක් වෙන්ව තිබේද?
පිළිතුර :- රුපියල් මිලියන 2.5 ක්
02. ප්‍රශ්නය :- ගරු මන්ත්‍රීතුමන්ලාගේ උපමාන විමධ්‍යගත වැඩසටහන මගින් යම් යෝජනාවක් ලබාදිම සිදුකරන්නේ කෙසේද?ඉන් පසු එම ආධාරය ලබාගන්නේ කෙසේද?
පිළිතුර :- ගරු මන්ත්‍රීතුමා/තුමිය මගින් අදාල සංවර්ධන යෝජනාව ප්‍රතිපත්ති හා සැලසුම් සම්පාදන දෙපාර්තමේන්තුව වෙත ලබාදීම. ඒ අනුව අදාල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට හෝ ප්‍රාදේශීය සභාව ආදි රාජ්‍යය ආයතන ක්‍රියාත්මක ආයතනය ලෙස තෝරාගෙන එම ආයතන වෙතින් අදාල යෝජනාව ක්‍රියාත්මක කරවීම සදහා අවශ්‍යය ලියවිලි ගෙන්වාගෙන ඒ අනුව ක්‍රියාත්මක කරවිම.
03. ප්‍රශ්නය :- ගරු මන්ත්රී තුමන්ලාගේ උපමාන පාදක විමධ්‍යගත අරමුදල මගින් මගින් මුදල් ලබාදිය හැකි ක්ෂෙත්‍රයන් මොනවාද?
පිළිතුර :-
* මාර්ග, විදුලිය ,පානීය ජලය ආදි ආර්ථික යටිතල පහසුකම් සංවර්ධනය සදහා
* අඩු ආදායම්ලාභින් සදහා සෙවිලි තහඩු , මරණාධාර හා ග්‍රාම සංවර්ධන සමිති සදහා ටකරන් මඩු හා පුටු, පාසල් සංවර්ධනය සදහා, ග්‍රාමීය සෞඛ්‍ය මධ්‍යයනස්ථාන සදහා පුටු / බංකු
* උචිත ඕනෑම නිත්‍යානුකූල ව්‍යාපාරයක් / කර්මාණ්තයක් ස්වයංරැකියාවක් ලෙස ආරම්භ කිරිමට
* ක්‍රීඩා හා සංස්කෘතික කටයුතු සංවර්ධනය සදහා
* වාරිමාර්ග, ඇල වෙලී ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය , කෘෂි ආම්පන්න ලබාදීම.
04. ප්‍රශ්නය :- ස්වයං රැකියාවක් ආරම්භ කිරීම සදහා ලබාදියහැකි උපරිම මුදල කොපමනද? එම ආධාරය ලබාගැනීම සදහා තෘප්ත කලයුතු අවශ්‍යතාවයන්මොනවාද?
පිළිතුර :- රු 35,000.00
සෑම ව්‍යාපෘතියක් සදහාම ව්‍යාපෘති වාර්තාවක් පිළියෙල කළයුතු අතර ඒ සදහා අදාල අමාත්යාංශයේ / දෙපාර්තමේන්තුවේ නිර්දේශය ඒ සදහා ලබාගත යුතුය.
05. ප්‍රශ්නය :- ලියාපදිංචි ක්‍රීඩා සමිතියක් සදහා ක්‍රීඩා භාණ්ඩ ලබාදිය හැකි උපරිම මුදල කොපමනද?
පිළිතුර :- රු20,000/-
06. ප්‍රශ්නය :- මරණාධාර හෝ ග්‍රම සංවර්ධන සමිතියක් සදහා ටකරන් මඩු හෝ පුටු ලබාදිය හැකි උපරිම සීමාව කොපමනද?
පිළිතුර :- රු30,000/-